මංමුලාව...අතරමංව....
හිස් වූ හද මඬල
හැම සුසුමකම,
හැම මොහොතකම,
මුසු වීය නොපිරෙනා
පැතුමන් ....
කවුරුන් රිදවීද මා හද ?
මේ පොලොව මත ,
මේ හැම දිනම,
නැගෙත් හිරු අලුයමම
කලුවරය හද මඬල ....
හිස් වූ හද මඬල..
හැම සුසුමකම,
හැම මොහොතකම,
මුසු වීය නොපිරෙනා
පැතුමන් ....
කවුරුන් හඳුනයිද විඳි දුක ?
ඇවිලි ගිනි දලු නොදැක
මියැදි ගිය සුභ සිහින
දවයි මා හද මඩල
මංමුලාව.... අතරමංව....
මගෙහි හිරු රැස් යදින
නිම් නොවෙන රත්රිය
එසේ වූ පෙම් මගක
තෝරා ගතිමි මම
ජීවිතය..
මංමුලාව...අතරමංව....
හිස් වූ හද මඩල
පලක් නැත වෙන්ව
කිසිවෙකුට...
සෙතක් වේ නම්
ලොව අනෙකෙකුට...
කඳුලින් බොඳ වීය
සිහිනය ...
මංමුලාව...අතරමංව....
Thursday, December 10, 2009
Subscribe to:
Posts (Atom)