ඈත පෙනෙන ඇතුගල
කතා කරනවානම්....
කියාවි...
අපි මවපු හීන වල තරම්...
නෙක දඟ පාන වස්සානෙ
හිත ලඟ ඉඳන්..
මල් මකරන්දසේ
මිහිරි රසයක් අරන්..
සිහිලස පිරුණු විදු පියසෙ
සෙනෙහස බෙදන්..
අත් පටලා ගැයූ ගී
මතකද ඉතින්...
නව හිරු රැස් උදා වේවි
දිනයක් අරන්..
නැගි හසරැල් ගිගුම් දේවි
අනුරා දෙමින්..
මිතුදම් බැඳුනු සිත්
එලෙස පවතී නිතින්..
සඳුන් සිසිලක් ලෙසින්
මිතුරියේ හද රැදෙන්..
අඳුරු දිවි මගට මග කියන
පහනක් ලෙසින්..
පිපුනු සියපතක වත රැදුනු
පිවිතුරු බවින්..
මිතු දමක රැඳි අරුත
සිත් අගට දුන්..
මලිදෙව් නමට හිස නමමු
හද පිරි බැතින්..
-විකුම් විදැස් 2004
2 comments:
ලස්සනයි! :)
බොහෝම ස්තූතියි.. :)
Post a Comment