HARSHANI
Followers
Blog Archive
▼
2010
(1)
▼
February
(1)
කවුරුන්ද නුඹ මට....
►
2009
(6)
►
December
(1)
►
July
(1)
►
June
(1)
►
March
(3)
About Me
Unknown
View my complete profile
Wednesday, July 8, 2009
මම අදරය නොඅදහන්නෙක්මි.. ඔබ?
ප්‍රේමණීයැයි කියූ
ආදරය...
මුවඟ රැඳි
හසරැලි සොරා ගෙන..
නෙතඟ කඳුලැල්
නිතින් තවරා..
සිහින එකිනෙක
සුනු විසුනු කර..
පියාපතකින්
කටු අකුලකට
ඇද හෙලූ පසු..
පූජනීයැයි කියූවත්
කවුරු නම්..
අදහයිද?
Monday, June 22, 2009
ගිනි හුලකින් මුළු ලොවම දැවුනු පසු..
ගිනි හුලකින් මුළු ලොවම දැවුනු පසු
කණාමැදිරි එලියටත් බයයි මම..
විසිරී ගිය සිත එකලස් කල පසු
යලි විසිරී යයි දෝ සැකයි මට..
නෙතින් කතා කල වදන් හැදින්නෙමි
දහස් නෙතු අතර ඒ නෙතු සෙව්වෙමි
එකසැරයක් හදවත පුද දුන් පසු..
ඔබට පුදන්නට හදක් කොයිද මට
හසරැලි තුල වූ සෙනෙහස වින්දෙමි
දහසක් රුව මැද ඒ රුව පතුවෙමි
විරහ කඳුලු වැල් සිත බොඳ කල පසු..
ඔබව පතන්නට සිතක් කොයිද මට
Friday, March 20, 2009
හුදෙකලා ආරණ්‍යයේ...
හුදෙකලා ආරණ්‍යයේ
තනිවී...
හිත හඬයි ඔබ ගැනම පවසමින්..
සිහිනයක් වූ සිව් වසක පෙම් ගී...
විසුල සුලඟේ දනී නම් මේ දුක්.
Thursday, March 19, 2009
බෝ කලක් ගෙවුන මුත්...
බෝ කලක් ගෙවුන මුත්
තව කලක් ගෙවෙන මුත්
ඇතු ගලත් නොසැලේ
මා සිතත් නොසැලේවි...
මම ඔබටමයි ආදරේ...
ඔබ රෑ පුරා දුටු
සිහිනයකි මනරම්...
හුදෙකලා සිත අස් වසා වී..
ඔබේ මුදු වදනින්..
මධුර වස්සානය උදාවිය..
රැයේ දුටු සිහිනය සැබෑ විය
සිනා මල් දෝතින් අරන්...
මගේ දිවියට ඔබ ලඟා විය...
මම ඔබටමයි ආදරේ...
ඔබ හමුවෙනා ඒ
සොඳුරු දින මට නම්...
කල්පයකි මට..
හිඳින මොහොතක්
ඔබේ නෙතු අසලින්...
තවත් එක් වසරක් නිමාවිය...
බැඳුනු සිත් එලෙසින්ම පසු විය...
ජීවිතේ මිහිරක් අරන්...
මගේ දිවියට
ඔබ ලඟා විය...
මම ඔබට මයි ආදරේ...
මලිදෙව් නමට.....
ඈත පෙනෙන ඇතුගල
කතා කරනවානම්....
කියාවි...
අපි මවපු හීන වල තරම්...
නෙක දඟ පාන වස්සානෙ
හිත ලඟ ඉඳන්..
මල් මකරන්දසේ
මිහිරි රසයක් අරන්..
සිහිලස පිරුණු විදු පියසෙ
සෙනෙහස බෙදන්..
අත් පටලා ගැයූ ගී
මතකද ඉතින්...
නව හිරු රැස් උදා වේවි
දිනයක් අරන්..
නැගි හසරැල් ගිගුම් දේවි
අනුරා දෙමින්..
මිතුදම් බැඳුනු සිත්
එලෙස පවතී නිතින්..
සඳුන් සිසිලක් ලෙසින්
මිතුරියේ හද රැදෙන්..
අඳුරු දිවි මගට මග කියන
පහනක් ලෙසින්..
පිපුනු සියපතක වත රැදුනු
පිවිතුරු බවින්..
මිතු දමක රැඳි අරුත
සිත් අගට දුන්..
මලිදෙව් නමට හිස නමමු
හද පිරි බැතින්..
-විකුම් විදැස් 2004
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)